ශ්රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී ඇති Cheng Xueyuam මහතා ඇතුළු ඔහුගේ පවුලේ සැම දෙනා ශ්රී ලංකාවේ වැඩ බාර ගැනීම සඳහා අද (21දා) දිවයිනට පැමිණියේය. අලුයම 5.50 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. - 869 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට ඔවුහු ළඟා වූහ.