ශ්‍රී ලංකාවට ආසන්න වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි. බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, සහ උතුරු මැද පළාත් වලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසිද අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.