චීනයේ පැවැත්වෙන ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා චීනයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා අද (21දා) සවස හමු විය.
2009 දී බෑන් කී-මූන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු රට තුළ සිදු කරන ලද සංවර්ධන කටයුතු හා අනෙකුත් ක්ෂේත්රයන් හි වර්ධනය පිළිබඳව පැහැදිලි කළ ජනපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධනය දැක ගැනීමට සංචාරයක නිරත වන්නැයිද මහලේකම්වරයාට පැවසූ බව ජනධිපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය අංශය සඳහන් කළේය.