පරිභෝජනය සඳහා ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් ඛණ්ජතෙල් සහ ගෑස් අඩු වියදමින් ලබාදීමේ හැකියාව පවතින බව වියට්නාම අග්‍රාමාත්‍ය න්ගුයෙන් ටැන් ඩින්ග් මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමයේ ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කරගැනීමේ අපේක්ෂාවෙන් ගිවිසුම් රැසකට එළැඹීමේ අපේක්ෂාව තිබෙන බවද වියට්නාම අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.
නිල සංචාරයක් සඳහා වියට්නාමය වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මහතා අද (09දා) පස්වරුවේ වියට්නාම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එරට අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී හෙතෙම මෙසේ ප්‍රකාශ කර තිබේ.
එහිදී ශ්‍රී ලංකාව හා සිය රට අතර දියුණු මෙන්ම ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීම සදහා දි.මු. ජයරත්න මහතාගේ සහයෝගය අපේක්ෂා කරන බව කී වියට්නාම අග්‍රාමාත්‍යවරයා, සංචාරක හා ආයෝජන ක්ෂේත්රයෙන් ගිවිසුම්වලට එළැඹීමේ හැකියාව ඇති කර ගත යුතු බවද පවසා සිටියේය.
වියට්නාමයේ ගෑස් හා ඛණිජ ඉන්ධන සම්පත් බහුලව පවතින බවත්, ඒ අනුව එම සම්පත ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහයෝගය ලබාදෙන ලෙසත් හෙතෙම පවසා සිටියේය.
එමෙන්ම කලාපීය වශයෙන් වියට්නාමයට එල්ලවන අභියෝගවලට ශ්‍රී ලංකාවේ සහයෝගය අවශ්‍ය වන බවත් ඒ සහයෝගය දෙරටේ මිත්‍රත්වය වර්ධනය කිරීමට හේතු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, වර්ෂ 1990දී තමන් කළ සංචාරයෙන් පසුව මේ සංචාරයේදී වියට්නාමය ශීඝ්‍ර දියුණුවක් ළඟා කරගෙන ඇති බවය. ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනාවලදී ලංකාව වෙනුවෙන් වියට්නාමය ඉදිරිපත්වීම පිළිබදව කෘතවේදීත්වය පළ කළ අග්‍රාමාත්‍යවරයා දෙරට අතර වෙළෙඳ, ආර්ථික, ආගමික සහ සමාජිය වශයෙන් ගිවිසුම්වලට එළැඹීමට කැමැත්ත පළ කළේය.