ශ්රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදානා නැතැයි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
"ඉතාමත්ම පැහැදිලිව මම පැහැදිලිව කියන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ. පසුගිය සැප්තැම්බරයේදි ජිනීවා හි එළි දැක්වුණ යොජනාවේත් අපට එරෙහිව යුද අපරාධ චෝදනා නෑ" යැයි ජනපතිවරයා සඳහන් කරයි.
අල්ජසීරා පුවත්සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. මානව හිමිකම් කඩවීම් පිළිබඳව එම වාර්තාවේ ඇතුළත් බවත් එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙක් වශයෙන් එහි සඳහන් මූලික කරුණු ක්රියාවට නැංවීමට ශ්රී ලංකාව බැදී සිටින බවත් ඔහු පවසා තිබේ.