ශ්‍රී ලංකාව හා ඩුබායි දේශය අතර ව්‍යාපාරික සමාජයට එක්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානම් බව ඩුබායි අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) අධිපති එසා කසීම් මහතා පවසා සිටියේය.
DIFC අධිපති හා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර ඩුබායි අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (24දා) පැවති හමුවකදී මෙම කරුණු අනාවරණය විය.
දෙරට අතර මූල්‍ය සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් මෙම හමුව පැවැත්වුණු බව මුදල් අමාත්‍යාංශය කියයි.