සීෂෙල්ස් දිවයිනද ශ්රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට සූදානමින් සිටින බව ‘සීෂෙල්ස් නිවුස් ඒජන්සි’ය සඳහන් කරයි.
ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ සීෂෙල්ස් සංචාරයේදී ශ්රී ලංකා තානාපති කාර්යාලයක් සීෂෙල්ස්හි වික්ටෝරියා නගරයේදී විවෘත කරනු ලැබීය. ඒ අනුව දෙරට අතර රාජ්ය ත්රාන්ත්රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සීෂෙල්ස් රජයද ශ්රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට සූදානමින් සිටියි.
එසේම සීෂෙල්ස් තෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද (29) සවස සීෂෙල්ස් සිට නැවතත් ශ්රී ලංකාවට බලා පිටත්වූ බවද සීෂෙල්ස් නිවුස් ඒජන්සිය තවදුරටත් පැවසීය.