ශ්‍රී ලංකාව නිසා ස්මාට් දුරකතන යෙදුමක් නිමවේ
සිවිල් යුද්ධකදී, ත්‍රස්තවාදී ගැටුමකදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී සිදුවන යුද අපරාධ කඩවීමක් හෝ මානව හිමිකම් කඩවීමක් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාගැනීමට හැකිවන අයුරින් ස්මාට් දුරකතන යෙඳුමක් (Smart Phone App) නිර්මාණය කිරීමට එංගලන්තයේ ජාත්‍යන්තර නීතිඥ සංගමය කටයුතු කර තිබේ.
මේ හරහා අදාළ සිදුවීම සිදුවූ දින වකවානු, එම ස්ථානයේ ජී.පී.එස්. දත්ත, ඡායාරූප හා වීඩියෝ දර්ශන සත්‍යද නැතහොත් නිර්මාණය කර තිබේද යනාදී සියලු දේ පළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ පැවැති යුදමය කාලසීමාවේදී මෙවැනි වීඩියෝ දර්ශණ, ඡායාරූප නිකුත් වුවත් ඒවායේ සත්‍යතාව පිළිබඳව ගැටලු මතුවිය. එයද උදාහරණයට ගෙන මෙම යෙදුම නිර්මාණය කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ හරහා යොදාගන්නා සාක්ෂි ඇසින් දුටු සාක්ෂි ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ද ගාඩියන් / ගල්ෆ් ප්රවෘත්ති ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

