ශ්‍රී ලංකාව මෙන් අට ගුණයක් විශාල සාගර කලාපයක් තිබුණත්, අභ්‍යන්තර ජලාශ 10000 තිබුණත්, කලපු 116 ක් තිබුණත් ශ්‍රී ලංකාව වසරකට මාළු හා ඒ ආශ්රිත නිශ්පාදන ටොන් 120000ක් පමණ ආනයනය කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ (14දා) දික්ඕවිට වරායේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාවේ කුඩා ධීවර යාත්‍රාවලින් අල්ලා ගන්නා මසුන්ගෙන් සියයට හතලිහක් පාරිභෝජනය සඳහා නුසුදුසු බවත් අඩුව තරමින් ඒවා කරවල හෝ උම්බලකඩ සැකසීම සඳහාවත් ඒවා යොදා ගත නොහැකි යැයිද ඔහු පැවැසීය.