ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 494ට පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 312ක් පමණි.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 182ක් ඉදිරියෙන් සිටිමින් ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කිරිමට නියමිතය. කෙසේ වෙතත් බංග්ලාදේශ ඉනිම අවසන්වි ශ්රී ලංකා ඉනිම ආරම්භවිමට මත්තෙන් ගාල්ල ක්රිකට් ක්රිඩාංගණයට වර්ෂාව ඇඳ හැලුණි.
ඒ හේතුවෙන් තවමත් තරගය ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකාර් රහීම් ලකුණු 85ක් රැස්කිරිමට සමත්වූයේය.
ශ්රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් හා ඩිල්රුවන් පෙරේරා කඩුලු තුන බැඟින් දවා ගත්තේය.