එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාවට තිබූ තත්ත්වය නැති කර ගැනීමට පසුගිය කාලසීමාවේදී කටයුතු කළ නමුත් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවතත් ජාත්‍යන්තරයට ඇතුළු විමට ජනතාව වරමක් ලබා දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එක්සත් ජාතීන්ගේ 70 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයට ඊයේ (24දා) එක්වෙමින් ඔහු මේ අදහස් දැක්වීය.
ඉතිහාසයේ එක්සත් ජාතීන් හා ශ්‍රී ලංකාව අතර පැවැති සබඳතා නොදත් දේශපාලකයන් හා නිලධාරීන් නිසා ඉහත තත්ත්වය ඇති වූ බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව එක එක රටවල් හප්පාගෙන ඉදිරියට යාමට බැලූ බවත් ජාත්‍යන්තර දේශපාලනයේ ඉත්තෙක් එහෙන් මෙහෙන් අදිනවා හැරෙන්නට වෙන ප්‍රතිඵලයක් නොලැබුණ බවත් ඔහු ඔහු සඳහන් කළේය.