ශ්‍රි ලංකා මුහුදු සීමාවේදී වෙඩි තැබීමක් හේතුවෙන් එක් ඉන්දීය ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු තුවාල ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය බලවත් කණගාටුවට පත් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා රජය සෑම කල්හිම සියලුම ඉන්දියානු ධීවරයින් සම්බන්ධයෙන් මානුෂීය ආකාරයකින් කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බව මූලික පරීක්ෂණ වලදී හෙළිදරව් වී තිබෙන බව එම නිවේදනයෙ දැක්වෙයි. කෙසේ වෙතත් ඉන්දීය බලධාරීන්ගේ සහයෝගය ඇතිව, චන්ද්‍රිකා තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.