නීති විරෝධී අයුරින් ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලංකා සරණාගතයින් සිවුදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්වී තිබේ. ඔවුහු ශ්‍රී ලංකාවේ වව්නියාව හා මුලතිව් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඔවුන් සිය අනන්‍යතාව සනාථ කිරිමේ ලියකියවිලි ඉදිරිපත් කිරීමටද අපොහොසත්වී ඇතැයි ඉන්දීය පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කළේය.