ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට සමගාමීව ආරම්භ වූ ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය අද මහත් වෘක්ෂයක් ලෙස වර්ධනය වීම ශ්‍රී ලාංකිකයන්ට අභිමානයක් ගෙන දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සහ යාපනය දිස්ත්‍රික් බාලදක්ෂ ශත සංවත්සරය නිමිත්තෙන් යාපනය මධ්‍ය විදුහල් ක්‍රීඩාංගණයේ පැවති උත්සව සභාව අමතමිනි.
බාලදක්ෂ ව්‍යාපාරය තුළ දරුවන්ගේ කුසලතා ප්‍රවර්ධනයටත්, දක්ෂතා ගොඩනගා ගැනීමටත් තෝතැන්නක් බවත්, මේ තුළින් දරුවන් අතර සංහිඳියාව වර්ධනය ප්‍රශංසනීය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.