ශ්‍රී ලංකාව හා පාකස්තානය අතර අත්සන් කිරීමට නියමිත සිවිල් න්‍යෂ්ටික ගිවිසුම සඳහා මාර්තු මස අගදී අත්සන් කිරීමට නියමිත බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මාර්තු මස අවසාන සතියේදි පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා මාර්තු මස 31දා පාකිස්තානයට පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයෙන් ජයගැනීමෙන් පසුව පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීප් දුරකතන ඇමතුමකින් ජනපතිවරයා සුබ පැතුම් එක්කර පාකිස්තාන සංචාරයකට ආරාධනා කළේය. ඒ අනුව මෛත්‍රීපාල ජනපතිවරයා මෙසේ පාකිස්තාන සංචාරයට එක්වීමට නියමිතය.
පාකිස්තාන මාධ්‍ය ඇසුරෙනි