ඔස්ට්‍රේලියාවේ පිටුවහල් කිරීමකට මුහුණදී සිටින ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් පෙනී සිටීමට ඔස්ට්‍රේලියාවේ සමාජ ක්‍රියාකාරී කණ්ඩායමක් ඉදිරිපත්ව තිබේ.
සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින මෙම සංවිධානය හෙට (01දා) Hargreaves හිදී ශ්‍රී ලංකා පවුල වෙනුවෙන් සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වමීමට කටයුතු කර තිබේ.
යුදමය සමයේදී ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය අපේක්ෂාවෙන් පිටත්ව ගොස් ඇති මෙම පවුලට ඔස්ට්‍රේලියාවෙන් ලබාදී තිබූ වීසා පසුගිය මාසයේදී අවසන්ව ඇත. ඒ අනුව ඔවුන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියා රජය සූදානමින් සිටියි.