ඒකාබද්ධ විපක්ෂය විසින් හයිඩ් පිටියේ පැවති රැස්වීමට සහභාගීවූ ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට පක්ෂය විසින් විනය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කළහොත් එයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අධිකරණ ක්රියාමාර්ග ගන්නා බව පිවිතුරු හෙළ උරුමය සඳහන් කරයි.
හයිඩ් පිටියේ පැවති රැස්වීමට මන්ත්රීවරුන් 46 දෙනෙකු සහභාගීවූ බවත්, ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන්ගේ ප්රමාණය 85 ක් බවත්, මේ නිසා බහුතර කණ්ඩායමක් ගත් තීරණයට එරෙහිව පක්ෂයට කිසිදු ක්රියාමාර්ගයක් ගත නොහැකි බවද එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
පක්ෂය විනය ක්රියාමාර්ග ගන්නවානම් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්වූ හිටපු මහලේකම්වරයාට එරෙහිව විනය පරීක්ෂණ සිදුකරන ලෙසද හෙතෙම මෙහිදී ඉල්ලා සිටියේය.