නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ඉන්දීය අත්අඩංගුවට පත්ව සිටි ශ්‍රී ලංකා ධීවරයින් 25 ක් නිදහස් කිරීමට ඉන්දීය මධ්‍යම රජය ඊයේ (15 දා) කටයුතු කොට තිබේ.පෙබරවාරි මස 9 වැනි දින මෙම ශ්‍රී ලංකා ධීවරයින් පිරිස හා යාත්‍රා පහක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
මේ අතර ඉන්දු ශ්‍රී ලංකා දෙවැනි වටයේ ධීවර සාකච්ඡා සඳහා මෙම මස 25 වැනිදාට දින නියම කිරීමටත් ඉන්දියාව කටයුතු කොට තිබේ. එම සාකච්ඡා පසුගිය 13 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එදින සාකච්ඡා නොපැවැත්විණි.