ඉන්දීය වෙරළාරක්ෂක බළකාය මගින් ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ ඊයේ (24දා) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ඉන්දීයාව කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ධීවරයින් නිදහස් කරන ලෙස නව දිල්ලියෙන් තමිල්නඩු වෙරළාරක්ෂක බළකායට ලැබුණ නියෝගයක් අනුව ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා ධීවරයින් නිදහස් කිරීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය ඉදිරියේදී කටයුතු කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.