ශ්‍රී ලංකා තරුණයා ඉතාලියේදී ජිවිතක්ෂයට
තම මාපියන් සමග ජීවත් වෙමින් ඉතාලියේ වෙරෝනා නුවර පාසලක ඉගෙන ගනිමින් සිටි තරුණයෙක් නිවසේදි හදිසියේ මියගොස් ඇති බව ඔහුගේ ඥාතින් පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩිරිප්පුව ලුණුවිල ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය සවිඳු තුලක්ෂණ ප්‍රනාන්දු නැමති 19 හැවිරිදි තරුණයෙකි.
ඊයේ (06දා) උදැසන පාසැල් යාමට සුදානම් වෙමින් සිටියදි සිහිසුන් ව ඇද වැටුණු තම පුතා එම අවස්ථාවේදිත් මියගොස් සිටි බව රෝහලට රැගෙන යාමට කැඳ වු ගිලන් රථයත් සමග පැමිණි වෛද්‍යවරයා පරික්ෂා කර බලා පවසා සිටි බව එම තරුණයාගේ පියා වන වර්ණකුලසූරිය මිලාන් තුෂාර ප්‍රනාදු මහතා අප හා දුරකථනයෙන් සම්බන්ධ වීමේදි පැවසීය.
දින කීපයක සිට තම පුතා කැස්ස හා හෙම්බිරිස්සාවෙන් පෙලෙමින් සිටි පෙරේදා සවස පවුලේ වෛද්‍යවරයා නොමැති දිනවල රෝගින් බලන වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත් බවත් එහිදි එම වෛද්‍යවරයා බෙහෙතක් එන්නත් කල බවත් ගෙදර පැමිණි පුතා හොඳින් සිටියත් පසු දා උදැසන මෙලෙස මියයාම සිතා ගත නොහැකි දෙයක් බව ඔහු වැඩි දුරටත් පැවසීය.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

