ගෑස් කාන්දු වීමක් හේතුවෙන් අනතුරකට ලකුව සවුදි අරාබියාවේ රෝහල් ගත කර තිබෙන ශ්‍රී ලංකා ගෘහ සේවිකාවකගේ තත්ත්වය බරපතල බවත් ඇය කෝමා තත්ත්වයේ පසුවන බවත් ආරාබි පුවත් සේවය පවසයි.
38 හැවැරිද ෆාතිමා සෆායා නැමැති ශ්‍රී ලංකා කාන්තාව තමා සේවය කරන නිවසේ ගෑස් කාන්දුවීම්ක් හේතුවෙන් අදාළ ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් පෙරේදා (15දා) පාන්දර පිළිස්සුම් තුවාල ලබා තිබේ. කෙසේ නමුත් මෙම ගෑස් කාන්දුව පිළිබඳව ඇය සේවය කරන නිවසේ හිමිකාරිනිය විසින් ෆාතිමාට අනතුරු ඇගවීමක්ද කර තිබෙන බව අරාබි පුවත් සේවය සදහන් කළේය.
සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඇයව බේරා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකරමින් සිටින බවද එම පුවත් සේවය සඳහන් කරයි. ෆාතිමා අම්බලන්ගොඩ දර්ගා නගරයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය මීට මාස 15කට පෙර විදෙස් ගතවී තිබේ. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වෙයි.