බන්ධනාගාර නේවාසිකයන්ටත් අධ්‍යාපනය ලැබීමට ඇති මානව අයිතිය සුරැකීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට පිහිටුවන ලද පාසල වන හෝමාගම සුනීත විද්‍යාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (21දා) විවෘත කරන ලදී.
විද්‍යාලය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එම විද්‍යාලයේ පංති කාමර සහ අනිකුත් පහසුකම් ද නිරීක්ෂණය කළේය
පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කණ ඇමති චන්ද්‍රසිරි ගජධීර , අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.