ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත්වෙන පළමු වැනි සහයෝගීතාව, සුදානම සහ පුහුණුව පිළිබඳ වාර්ෂික නාවික අභ්‍යාසයේ (CARAT exercise) සමාරම්භක උලෙළ ඊයේ (02දා) ත්‍රිකුණාමලයේදී ආරම්භ විය.
ඇමෙරිකානු නාවික හමුදාවේ අණදෙන නිලධාරී මයිකල් ටොලිසන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් එන්.ඒ.එන්. සරත්සේන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණු බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
සතියක් පුරා පැවැත්වීමට නියමිත මෙම අභ්‍යාසය තුළින් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් සහ ගොඩගැනීම්, වෛද්‍ය පුහුණුව සහ ජලය තුළ පුපුරන ද්‍රව්‍ය හැසිරවීම පිළිබඳ පුහුණු අවශ්‍යතා සපුරා ගැනීමටත් හැකිවන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.