ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර ද්වීපාර්ශ්වීය වෙළෙඳාම සහ ආයෝජනය කැපීපෙනෙන ලෙස වර්ධනය කිරීමේ අරමුණ ඇතිව දෙරටේ රජයයන් වෙළෙඳාම හා ආයෝජනය ඉහළ නැංවීමට ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරන පරිදි මෙම ඒකාබද්ධ වැඩසටහනට අනුව මෙම වෙළෙඳ හා ආයෝජන ඉහළ නැංවීමේ අරමුණු වසර පහක කාලයක් තුළ දිනාගැනීමට ඉලක්ක කර ඇත.
පසුගිය 28 වැනිදා වොෂිංටන් හිදී පැවති ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර 12 වැනි වෙළෙඳ හා ආයෝජන වැඩසටහන පිළිබඳ රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ නියේජිත මයිකල් ෆ්රෝමන් සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග හා අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත.