ශ්රී ලංකා ගුවන් සේවයේ හා මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ බව කියන වංචා හා දූෂණ සෙවීම සම්බන්ධයෙන් ජනපති කොමිසම පත්කිරිමේ ගැසට් නිවේදනයට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (02දා) අත්සන් තබා ඇත.
එම ගැසට් නිවේදන අද (02දා) රාත්රියේ නිකුත් කිරිමට නියමිතය. ජනපතිවරයා මීට ඉහතදී සඳහන් කළේ මෙම කොමිසම හරහා ඉදිරියේදී දෙපැත්තෙන්ම හොඳ හොඳ සෙල්ලම් එළි වෙනු ඇති බවයි.
අද පඩුවස්නුවර රැළියකදී ජනපතවරයා සඳහන් කළේ තමන් එම රැළියට එක්වීමට මත්තෙන් ගැසට් නිවේදනයට අත්ස්න් කර පැමිණි බවයි.