පාකිස්තානු ජාතික ගුවන් සේවය සඳහා කල්බදු පදනම මත ලබා දී තිබූ එයාර් බස් A330 ගුවන් යානය සඳහා තවමත් ඩොලර් මිලියන 02 ක මුදලක් ලබාදීමට ඇතැයි වාර්තා වේ. අදාළ ගුවන් යානය ඩොලර් මිලියන 19 ක ගෙවීමකින් පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත මීට සතියකට පෙර බාරදෙන ලදී.
එසේ නමුදු අදාළ බදු මුදලෙන් තවත් ඩොලර් මිලියන 02 ක් ලබාදීමට ඇති බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. කල්බදු ගිවිසුම ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක එකක් වූ බවද ඔහු පවසයි.
A330 ගුවන් යානයක් පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පාකිස්තානය කල්බදු ක්‍රමයට ලබාගත් නමුත් අපෙක්ෂිත ඉලක්ක ඉටුකර ගැනීමට නොහැකිවිම හේතුවෙන් එම යානය නැවතත් ශ්‍රී ලංකන් වෙත ලබාදීමට පාකිස්තානය කටයුතු කරනු ලැබීය.