ශ්රී ලංකන් ගුවන් සමාගමේ එක් යානාවක් වෙනුවෙන් සේවකයන් 100ක් සිටිය යුතු වුවත් එක් යානාවකට සේවකයන් 400ක් සිටින බවත් එය පසුගිය ආණ්ඩුව සමයේදී සිදුවූ වැරැද්දක් බව පිළිගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමේ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.
කෙසේ වෙතත් ඩොලර් මිලියන 125ක් වූ ශ්රී ලංකන් අලාභය අවම කිරීමට පසුගිය ආණ්ඩුවට සැලැස්මක් තිබුණ බවත් මන්ත්රීවරයා පැවැසීය.
ශ්රි ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාහි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ගමන් නොකරන බවත් ඔවුන් ගමන් කරන්නේ එමිරේට්ස් ගුවන් යානාවේ බවත් ඔහු පැවැසීය.