ශ්‍රී ලංකන් යානයකට සේවකයන් 5000ක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා 21ක් පවතින බවත්, ඒ එක් යානාවක් වෙනුවෙන් සේවකයන් 5000ක් සිටින බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අණාවරණය කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීමට කටයුතු නොකරන බවත් ඔහු පැවැසිය. ජනපති නිල නිවසේ පැවැති හමුවකදී ඔහු මේ බව අණාවරණය කළේය.
"ශ්‍රී ලංකන් ගුවන් යානා 21 සේවකයන් 5000. (ශ්‍රී ලංකන් ගුවන් සේවය) කඩාවැටීමට කරුණු හෙව්වා. ජනපතිවරයා වුණාට පස්සේ මම ගියේ සාමාන්‍ය ගුවන් යානාවල. පහුගිය කාලයේ (පසුගිය ආණ්ඩුවේ) සංචාර යද්දී වැඩිම ආසන තියෙන ගුවන් යානය රැගෙන යනවා. ආසන 280ක් නම් ගාල්ල, හම්බන්තොටින් මාතරින් ආසන පුරෝගෙන යන්නේ.
ගුවන් යානය දවස් ගණන් තියාගන්නවා. ඉන්නේ සුපිරි හෝටල්වල. ගමන්කරන්නේ සුපිරි වාහනවල. දේශපාලන හිතවත්කම් මත කොන්ත්‍රාත් දිලා තියෙනවා. ඒ නිසා කඩා වැටෙනවා. මේක රජයට උහුලන්න බෑ. මේකට විසඳුමක් දෙන්න ඕන. ඒකට රජය හා පෞද්ගලිකව ඒකාබද්ධව වැඩපිළිවෙළකට හෝ රජය හා තවත් රජයක් අතරව ඒකාබද්ධ වැඩිපිළිවෙළකට යන්න . බරත් එක්ක මේක නවත්වන්න තිබුණා. නමුත් අපි ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්නේ නෑ." යැයි ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

