ශ්රී ලංකන් CEO කපිතාන් රත්වත්තේ වැඩ අරඹයි
ශ්රී ලංකන් ගුවන් සමාගමේ නව ප්රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ මහතා අද (15දා) සිට වැඩ ආරම්භ කර තිබේ.
කපිතාන් සුරේන් රත්වත්තේ මහතා 1984 දී සිය ප්රථම පත්වීම ලෙස එයාර්ලංකා ගුවන් සමාගමට ගුවන් නියමුවෙකු ලෙස සම්බන්ධ වී ඇති අතර, ඔහු මේ වනවිට ගුවන් සේවා ක්ෂේත්රයේ වසර 30කට වැඩි අත්දැකීම් සමූදායක්ද සම්පූර්ණ කර ඇත. 1989 දී එමිරේට්ස් ගුවන් සමාගම සමග සම්බන්ධ වන ඔහු, එහි ප්රධාන තනතුරු කිහිපයක්ම දරා ඇත.
කපිතාන් සුරේන් රත්වත්තේ මහතා එම්බ්රි රිඩ්ල් ගගන විශ්ව විද්යාලයේ පාශ්චාත් උපාධි සහ ශාස්ත්රවේදී උපාධිලාභියෙකු වේ. තවද රාජකීය ගගන සමාජයේ සාමාජිකයෙකු වන ඔහු විවිධ පොත් ගණනාවක් ලියා ඇති ගත් කතුවරයෙකි. එමෙන්ම, ප්රකට මානව සාධක පර්යේෂකයෙකු සහ වෘත්තිකයෙකු ලෙස ක්ෂේත්රයට අදාළ ලිපි හා රචනා රැසක් ප්රකාශයට පත්කර ඇත.
මෙතෙක් ශ්රී ලංකන් ප්රධාන විධායක ලෙස රාජකාරී සිදුකළ රඛිත ජයවර්ධන මහතාගෙන් පසු කපිතාන් සුරේන් රත්වත්තේ මහතා මෙම ධුරයට පත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

