දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණළුදී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා තවත් රුපියල් කෝටි 1320ක පමණ ණය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 675ක පමණ මුදලක් ද මහජන බැංකුවෙන් රුපියල් කෝටි 645ක පමණ මුදලක්ද වශයෙන් මෙම ණය මුදල ලබාදීමට නියමිත බව එම ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වසර ගණනාවක් තිස්සේ දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන අතර වසරකට එහි පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි 2600ත් පමණ වන බවද වාර්තාවේ.
මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ණය මුදලක් ලබාගත යුතු බවට වන යෝජනාවක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී එම යෝජනාව සැළකිල්ලට ගෙන අදාළ ණය මුදල ලබාදීමට අනුමැතිය ලබාදුන් බව දැන ගන්නට තිබේ.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප)