ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගෙන්වන ලද එයාර් බස් A 320 neo දරන ගුවන් යානය අද ( 27 දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජල ආචාර මැදින් පිළිගනු ලැබීය.
මේ ගුවන් යානයත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 25 දක්වා ඉහළ යයි.
නව ගුවන්යානය පිළිගනිමින් අද පෙරවරුවේ සර්වාගමික වතාවත්ද සිදු කරන ලදී.