රජය ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව කටයුතු කඩිනම් කළ යුතුව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහන ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී ටොඩ් ෂ්නයිඩර් මහතා මෙසේ සඳහන් කරයි.
දූත මණ්ඩල ප්‍රධානියා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර කිහිපයක් තුළදී අයථා කළමනාකරණය හේතුවෙන් අඛණ්ඩව රාජ්‍ය මූල්‍ය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බවය.
රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණයන්, රාජ්‍ය මූල්‍ය මත වූ අනාගත අවදානම අඩු කිරීම සහ ආර්ථිකයේ වෙළෙඳ පොළ බලවේගයන් හි කාර්යයන් වර්ධනය කිරීම යන ප්‍රධාන කාර්යයන් ඉටු කරනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියි.