ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ශ්‍රී පාදස්ථානය පූජා භූමියක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමටත්, එමගින් ශ්‍රී පාදස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට වන්දනාකරුවන් සඳහා වූ පහසුකම් වැඩි දියුණු කිරීමට ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය කටයුතු කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.