මෙවර ශ්‍රී පාද වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන්ට හා සංචාරකයන්ට පොලිතීන් සහ වතුර බෝතල් රැගෙන යෑමට ඉඩ ලබානොදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පී.ඩි.කේ. අධිකාරි මහතා කියයි.
ඒ මහතා ඒ බව පැවසුවේ මෙවර ශ්‍රී පාද වන්දනා වාරයේදී පොලිතීන් භාවිතය තහනම් කිරීමේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය සමිබන්ධයෙන් නල්ලතන්නියේ ග්‍රාම සේවා කාර්යාලයේ පැවැති වැඩසටහනකදීය.
මේ අනුව නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වා තිබෙන සියලුම හෝටල්වල පොලිතින් සහ ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
පොලීසියට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් නල්ලතන්නිය, ගඟුලතැන්න, ඉඳිකටුපාන යන ප්‍රදේශවල ශ්‍රීපාද වන්දනාකරුවන් දැඩි පරීක්ෂාවකට ලක්කර එම පිරිස් සතුව ඇති පොලිතීන් සහ ප්ලාස්ටික් වතුර බෝතල් තමන් භාරයට ගැනීමටද කටයුතු කර තිබේ.
මළුව දක්වා ගමන්ගන්නා වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට මාර්ගය දෙපස පිරිසුදු පානීය ජලය ලබාදීමටද වැඩපිළිවෙළක් දියත් කර ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය.