පළාත්සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්රීවරුන්අට දෙනෙකු %ඉඟුරු කල්ලිය^ලෙස ජනතාව වෙනුවෙන් ඉදිරියේදී පෙනී සිටීමට තීරණය කළ බව ඌව පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්යශෂේන්ද්ර රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ,වැල්ලවාය, ඇතිලිවැව පිහිටි ආකර්ෂි ෆ්ලෝරා ඒජ් ගෙස්ට් ඉන්හිදීපෙරේදා (28දා) පැවැති ඉඟුරු කල්ලියේ මන්ත්‍රීවරුන් පිරිස එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා,
&පළාත්සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්රීවරුන්අට දෙනෙකු %ඉඟුරු කල්ලිය^ලෙස ජනතාව වෙනුවෙන් ඉදිරියේදී පෙනී සිටීමට තීරණය කළා.
ලබන 10 වැනිදායි පසුව ඒ සඳහා ආණ්ඩුපක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකගේ සහයෝගය ලැබෙනවා.ඒ අනුව ලබන මස 22 වැනිදා රැස්වන පළාත් සභා සැසිවාරයේදී සභාව තුළ දැවැන්ත වෙනසක් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.ඒ වෙනුවෙන් වන පළමු වෙඩිමුරය මේවන විට දල්වා තිබෙනවා.
පළාත් සභාවේ අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 18දෙනෙක් ඉන්නවා. ඉදිරියට මහින්ද රාජපක්ෂමහතා සමග ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන අපි අපේ වැඩපිළිවෙළ තුළ දැඩි තීන්දු තීරණවලට ඒවි.
එතැනදී අපි සාකච්ඡාකරලා ආණ්ඩුපක්ෂය මෙහෙයවීම අපි තමයි කරන්නෙ. දැනට අපි අට දෙනා විතරයි. නමුත් හෙට අනිද්දා වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සාකච්ඡා කරලා තියෙනවා පළාත්සභාවේ ලොකු පෙරළියක් කරන්න.ඌව පළාතේ මෙහෙම තත්ත්වයක් තියෙනවා කියලා ඔය කතාකරන හැම නායකයෙකුටම ඉදිරියේදී දැනගන්න ඉඩලැබෙයි.
අද ඌව පළාත් සභාව පිළිබඳ මුළු රටම කතාකරනවා. විදුහල්පතිවරිය දණගස්වා කරපු දේ ගැනඅපේ විරෝධය අපි ප්‍රකාශකරන්න ඕනෑ.විශේෂයෙන්ම පළාත් සභාමන්ත්රීවරුන් හැටියට පළාත් සභාවේ අපි අටදෙනා පළාතේ සියලු විදුහල්පතිවරුන් වෙනුවෙන් මේ පළාතේ දුවාදරුවන් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට අපි තීරණය කර තියෙනවා.අපි විශ්වාස කරනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා විදියටකරපු මේ නොසන්ඩාල ක්‍රියාව පිළිබඳපළාතේජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාකරන්න, ඒවගේම මහජන නියෝජිතයෝ හැටියට අපේ ගෞරවය ආරක්ෂා කිරීමට නිවැරදි තීරණයක් ගනිවි කියලා.
අපට සැකයක් තියෙනවා විධායකයේ හස්තයක් මේතුළ ක්‍රියාත්මක වෙනවද කියලා.පළාතේ විදුහල්පතිවරු 856කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. අපි මේ කතාකරන්නේ සිදුවීම ගැන නෙවෙයි එතැනින් එහාට පළාතේ අධ්‍යාපනය ලබන දරුවන්ට වැරදි ආදර්ශයක් ලබාදෙන එක වළක්වන්න ආණ්ඩුවට ආදර්ශයක් දෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා.අපි කියන්නේ වහාම ඉවත්විය යුතුයි කියලා.ලෝකයාම බලාගෙන ඉන්නවා රටේ නායකයා කුමක් කරයිද කියලා.අපේ කාලයේ එහෙම දෙයක් වුණානම් කරන්නෙ ඒකතමයි* යැයි පවසා සිටියේය.
නියෝජ්‍ය සභානායක විමල් ගලගමආරච්චි,මන්ත්‍රිනී හේමා රත්නායක, සභාපති ඒ.එම්. බුද්ධදාස,එ.ජා.ප. මන්ත්රීජානකතිස්සකුට්ටිආරච්චි,මේජර් සුදර්ශන දෙනිපිටිය, කුමාරසිරි රත්නායක හා සුමේධ බණ්ඩාර යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.
වැල්ලවාය - අයි.ආර්. ඉන්දික