ඌව පළාත් සභාවේ 2016 මුදල් ප්‍රකාශය ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් අද (14දා) පළාත් සභාවට ඉදිරිපත් කළේය .
අමාත්‍ය මණ්ඩලය දෙමුහුන් ( එ.ජ.නි.ප. - එ.ජා.ප) වීම නිසා සභාවේ අසුන් පැනවීමේ වෙනසක් සිදුකර තිබුණි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ අමාත්‍ය උපාලි සමරවීර මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරු මධ්‍යයේ අසුන් පනවා තිබීය.
චාමර සම්පත් දසනායක මහතා මහ ඇමතිවීම හේතුවෙන් පසුපෙළ අසුනක් වෙන්කර තිබූ හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට සන්ධාන ඉදිරි අසුන් පෙළේ වම් කෙලවරේ අසුනත් හිමිව තිබුණි.