ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් රුපියල් කෝටි 12ට අධික මුදලක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගා ගත කර සිටි ලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම නැවතත් එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22දා) නියෝග කළේය. සිද්ධියේ දෙවැනි සැකකරු වන නන්දන මෝටර්ස්හි කළමනාකරණ අධ්යක්ෂ නන්දන ප්‍රියන්තද එළැඹෙන 26දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.