හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබේ.
කොමිසම විසින් හිටපු අමාත්‍යවරයා පිළිබඳව කරනු ලබන විමර්ශනයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශෂී වීරවංශ මහත්මිය කොමිසමට කැඳවා ඇති බව වාර්තාවෙයි.