අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මාට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට හැකියාව ඇති බවද , මන්ත්‍රීවරු 113 කට වඩා වැඩි සංඛ්‍යාවක් ආණ්ඩුවට ලබා ගැනීමට හැකිබවත් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. ගම්පහ පත්තල ගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අද (18)පැමිණ හෙතෙම මේබව පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 10 ක් පමණ එක්සත් ජාතිකපක්ෂයට ලැඛෙයැයි තමා බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පැවසීය.