ත්රිකුණාමලය සිට කිලෝමීටර් 405ක් (නාවික සැතපුම් 225ක්) පමණ නැගෙනහිරින් වූ ගැඹුරු මුහුදේදී යාන්ත්රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් සුරංග නමැති ශ්රී ලාංකික බහුදින ධීවර යාත්රාවේ සිටි ධීවරයින් හයදෙනෙකු බේරාගැනීමට නාවික හමුදාවට හැකි විය.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදුකළ දැනුම්දීමකට අනුව කඩිනමින් ක්රියාත්මක වූ නාවික හමුදාව එම ධීවරයින් පිරිස බේරාගැනීම සඳහා උතුරු මුහුදේ සංචාරයේ යෙදී සිටි ශ්රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව පසුගිය 21වන දින පිටත්කර හැරීමට කටයුතු කළේය.
ධීවරයින් පිරිස බේරාගැනීමෙන් අනතුරුව අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයේ තිබූ යාත්රාව රළු මුහුදු තත්ත්වය යටතේ පැය 48කට පසු ආරක්ෂාකාරී ලෙස ඊයේ (25දා) ත්රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.