ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ වසර 04ක කාලසීමාව සඳහා අභිනව සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිතරඟයෙන් තේරි පත් විය. ඒ ඊයේ (03දා) කොළඹදී පැවැති වොලිබෝල් සංගම් නිලවරණයෙනි.
ජාතික තලයේ වොලිබෝල් ක්‍රීඩකයෙකු වන රංජිත් සියඹලාපිටිය මහතා කොළඹ රාජකීය විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේද නායකත්වය දරා ඇත.
රුවන්වැල්ල ප්‍රදේශයන් ක්‍රීඩාවට එක් වු සියඹලාපිටිය මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ වොලිබෝල් සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
“අපේ ජාතික ක්‍රීඩාව රැක ගැනීම විශාල වගකීමක් වෙනවා. ඒ සඳහා අපි කැපවීමෙන් කටයුතු කළ යුතුයි. කලින් සිටි සභාපතිවරුන්ගේ වගකීම මනාව ඉටු කරනු ලැබුවා. අපි ඉදිරි මාසය තුළ නිශ්චිත වැඩපිළිලෙක් සකස් කර මුලු රටේම දරුවන්ගේ දක්ෂතාවයන් ඉදිරියට ගන්න කටයුතු කරනවා.” යැයි ඔහු නව තනතුරට පත්වීමෙන් පසුව පැවැසීය.