වොඩ්කා බෝතලය වතුර බෝතලයක් කියලා විශ්වාස කරන්න අමාරුයි
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුතා වන යශෝධ රංගෙ බණ්ඩාර ගමන් කළ අනතුරට පත්වූ වාහනයේ තිබී සොයාගත් වොඩ්කා බෝතලයේ වතුර දමාගෙන ගිය බවට තමන්ට පෞද්ගලික විශ්වාසය කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
අද (18දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන තම නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“රාජ්‍ය ඇමතිවරයෙක්ගේ පුතෙක් වොඩ්කා බෝතලයක වතුර දාගෙන යනවා කියලා පෞද්ගලිකව මට විශ්වාස කරන්න අමාරුයි. එතුමා මාත් එක්ක උරණ වෙයි. මේක ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුළුවන් වෙයි සමහර දේවල් කියලා. “
“ලංකාවේ ඉහළම පුරවැසියා විධායක ජනපතිතුමා. මම දන්නේ නෑ ඊට ඉහළින් කෙනෙක් ඉන්නවද කියලා. වඩාත්ම ප්‍රබලම හස්තය විධායක ජනපතිතුමයි. ඔහුට ඉහළින් හස්තයක් තියෙන්න බෑ. විධායක ජනපතිතුමා තමයි” යැයි ජනපතිවරයා තමට ඉහළින් හස්තයක් ක්‍රියාත්මක බවට කළ ප්‍රකාශයකට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
අධිකරණට අපහාස කිරීමේ චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුව යළි ජුලි 30දා කැඳවීමට නියෝග කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

