ආගමික, සමාජ හා ජනවාර්ගික සමගියට බාධා වන වෛරී කතා පැතිරවීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත්කෙරෙන පනතකට ඊයේ (01දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
මෙකී පනත ප්‍රථම වරට හඳුන්වාදෙනු ලැබුවේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතාහිටපුඅමාත්ය වාසුදේව නානායක්කාර මහතා විසිනි. අදාළ කැබිනට් පත්‍රිකාව එකල ඉදිරිපත් කළ මුත් එයට කැබිනට් අනුමැතිය ලබාගැනීමට නොහැකි විය.
කෙසේ නමුත් වත්මන් රජයේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් දණ්ඩ නීති සංග්‍රහයට වගන්ති ඇතුළත් කිරීම සඳහා වූ මෙම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.