ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැලදීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහල තුළදී මියගිය කුඩා දරුවන්ගේ සංඛ්‍යව 20 දක්වා වැඩි වී ඇති බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
මැයි මාසයේ සිට ජුනි මස 18 වැනිදා දක්වා කාලය තුළ මෙසේ කුඩා දරුවන් 20ක් මියගොස් ඇත. රෝහල් අධ්යක්ෂකරවරයා පවසන්නේ මේසේ මියගිය දරුවන්ගෙන් දහ දෙනෙකුම හෘද වස්තුවේ සිදුරු, මෝළයේ ආබාධ, උපතින්ම ඇති වු ආබාධයන්, විවිධ සංකූලතාවලට ලක්වූ ප්‍රතිශක්තිකරණය අඩු දරුවන් බවයි.
එම දරුවන්ට වෛරස් උණ වැලදීමේ වැඩි ඉඩක් පවතින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. ඉකුත් සෙනසුරාදා වෛරස් උණ රෝගයට ගොදුරු වීමෙන් තවත් කුඩා දරුවෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ අවුරුද්දක් හා මාස දෙකක් වියැති දරුවෙකි. එම දරුවා ගොනපිනුවල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
කෙසේවුවද මේ වනවිට වෛරස් උණ රෝගය පාලනය වි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවැසීය.