විපතට පත් නේපාල ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා වෛද්‍යාධාර රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තවත් ගුවන් යානයක් හෙට (27දා) නේපාලය බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් පරිදි මේ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ, පොලීස්යේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදුකෙරෙන බව පැවසෙයි.
කි.ග්‍රෑම් 4,000ක බරින් යුතු බෙහෙත් ද්‍රව්‍ය, ආහාර සහ පානීය ජලය මෙම ගුවන් යානයේ රැගෙන යාමට නියමිත අතර, යුද හමුදාවේ නිලධාරියෙක් සහ සාමාජිකයන් 15 දෙනෙක්ද, නාවික හමුදාවේ නිලධාරියෙක් සහ සාමාජිකයන් 13 දෙනෙක්ද, ගුවන් හමුදාවේ නිලධාරියෙක් සහ සාමාජිකයන් 10 දෙනෙක්ද ඒ සමග සහස නේවා කටයුතු සඳහා පිටත්ව යනු ඇත.