වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එසේ නොවන්නේනම් වර්ජන ක්‍රියාමාර්ගයකට එලැබෙන බවද ඔවුන් පවසති.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් මහතා අද(23) පැවති මාධ්‍ය හමුවකටදී මේබව පැවසීය.
ඊයේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
ඊයේ(22) ත්‍රීකුණාමලය, තෝප්පූර් රෝහලේ වෛද්‍යවරයෙකුට අළුයම මුහුණු ආවරණය කරගනිමින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදී ඇති අතර බරපතළ තුවාළ ලැබූ වෛද්‍යවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි