ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ හෙට (30දා) උදේ 8.00 සිට පැය 24 වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.
මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට හේතුව වී තිබෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීමට අයවැයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට එරෙහිවය.
අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට හේතු වී තිබෙන්නේ ඖෂධ සංයෝජන තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරීමට යෝජනා කිරීමට එරෙහිව සහ තවත් ගැටලු කිහිපයක් මූලික කරගනිමිනි.