දිවයින පුරා පවතින හදිසි ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් නිවාඩු ලබා සිටින සියලු වෛද්‍ය නිලධාරීන් වහාම සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.
ආපදවන්ට ලක්වූවන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා ලබාදීම සඳහා සියලු වෛද්‍යවරුන් පියවර ගත යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.
මේ අතර අවශ්‍ය ප්‍රතිකාර සේවා හෝ සෞඛ්‍ය සේවා පිළිබඳ තොරතුරු දැනගැනීමට සහ සම්බන්ධීකරණය සඳහා 0710 147 075 හදිසි ඇමතුම් අංකය ද විවෘත කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.