www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
සෞඛ්ය සේවාවේ ඉදිරි ප්රතිපත්ති සකස් කිරීමේදී වෛද්යවරුන් නියෝජනය කරන සංගමයක අදහසකට අනුව ප්රතිපත්ති සැලසුම කිරීම නිසා සමස්ත සෞඛ්ය සේවාවම අනතුරකට ලක්වෙමින් තිබෙන බව හෙද පරිපූරක අතුරු වෛද්ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
මේ නිසා හෙද පරිපූරක අතුරු වෛද්ය සේවාවන්ට අයත් නිලධාරීන්ට දැඩි අසාධාරණකම් සිදුවන බවත්, මේ නිසා වහාම සියලුම වෘත්තීය සමිතිවල අදහස් ලබාගෙන සෞඛ්ය ප්රතිපත්ති සකස් කළ යුතු බවද එම සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
මීට අමතරව 3/2016 වැටුප් චක්ර ලේඛය නිසාත් සෞඛ්ය සේවාව තුළ ගැටලු ඇති වී තිබෙන බවත්, මේ නිසා එම චක්රලේඛයත් සංශෝධනය කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
මම ගැටලු විසඳන ලෙස ඉල්ලා අද (28දා) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතා ව්යාපාරයක්ද පැවැත්වූ අතර, එහිදී කැඳවුම්කරු මේ පිළිබඳව සඳහන් කළේය.
ඡායාරූප - ක්රිෂාන් රණසිංහ
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd