සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා හෙට (19දා) උදේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සත්යග්රහ ව්‍යාපාරයක් පවත්වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.
සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍යයන් මාස ගණනාවක සිට පන්ති වර්ජනයක් සිදුකරන බවද එම සංගමයේ ලේකම් නීතිඥ ගාමිණී ඒකනායක මහතා සඳහන් කළේය.
ශිෂ්‍යයන් සිදුකරන ක්‍රියාමාර්ගය රජය විසින් මෙතෙක් නිසි පිළිතුරු ලබාදී නොමැති බවත්, මේ නිසා ශිෂ්‍යයන් සිදුකරන ක්‍රියාමාර්ගයට සහායක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය.
අදාළ ගැටලුව විසඳන තෙක් මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය